News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට

387 Views


ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි⁣යේ ජය එංගලන්තයට හිමි වුණා. ඒ තරග තුනකින් සමන්විත තරගාවලියේ ,තවත් තරගයක් ඉතිරිව තිබියදී.

ඊයේ පැවැති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිකර ගත්තා. ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 18කදී ලකුණු 103ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර ඒ වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසයි. කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යෑමට එංගලන්තය සමත් වුණා. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post