News Line| Off Air
Generic placeholder image

Sep
1

දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය වඩාත් කඩිනම් කිරීමට නිලධාරීන්ට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

878 Views


දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය වඩාත් කඩිනම් කිරීමට නිලධාරීන්ට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් ලබා දීම ඒ ඒ දිස්ත්‍රික්කයන්හි උපරිම හා විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.මේ වන විට දෙවන මාත්‍රාව ලබා දීම බොහෝ සෙයින් සිදුකෙරෙන අතර එය නියමිත දිනට නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ඇතැම් දිස්ත්‍රික්කයන්ගෙන් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්,මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එළඹෙන මුල් සතියේ එන්නත් මිලියන 04 ක් ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් මෙහිදී විශ්වාසය පළ කළහ.


News Articles
Latest Videos
Most Popular Post