News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17 යි

725 Views


සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17 යි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අමිහිරිම සිදුවීමක් වාර්තා වී අදට වසර 17 ක් සම්පූර්ණ වනවා.

ජීවිත දහස් ගණනක් බිලි වූ සුනාමි ව්‍යසනය 2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදු වූයේ ලෝකවාසීන්ම දැඩි කම්පනයකට ලක්කරමින්.

ඉන්දීය සාගරයේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3ක භූ කම්පනයක් සිදුවීමත් සමග උදම් රළ දිවයිනට ඇතුළුවුණා. එම ව්‍යසනයෙන් අපේ රටේ අහිමි වූ ජීවිත සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවනවා.

ඔවුන් සිහිකරමින් ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී අද පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post