දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනවා.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වනවා.