News Line| Off Air
Generic placeholder image

Feb
1

ඇමති බැසිල් ලිත් නඩුවෙන් නිදහස්

392 Views


ඇමති බැසිල් ලිත් නඩුවෙන් නිදහස්

ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දී තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සදහන් කළේ, මෙම නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතු වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post