News Line| Off Air
Generic placeholder image

Jun
6

මිලියන 105කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා නීතීයේ රැහැනට

413 Views


මිලියන 105කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, වේළුසුමන සහ උත්තර ආයතනයන් පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කයිට්ස් දුපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී.

එහිදී, සැකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කර එම නිවසේ උර 04ක් තුළ පාර්සල් 59ක අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 141 ග්‍රෑම් 605ක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.


News Articles
Latest Videos
Most Popular Post