News Line| Off Air
Generic placeholder image

Sep
7

අද මි.මී. 50 ඉක්මවූ වැසි

446 Views


අද මි.මී. 50 ඉක්මවූ වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ වයඹපළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post