පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශයෙන් විදුලි ඒකකයක් මිලදී ගන්නේ කොපමණ මුදලකටදැයි තවමත් ප්‍රකාශ කර නැති බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
මේ අතර අද දින පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකය ඊයේ දින බිඳ වැටුණා. ඒ එහි නල පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන්. එම නිසා මෙගාවොට් දෙසිය හැත්තෑවක් පමණ ජාතික විදුලිබල පද්ධතියට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම්වලටද ඊයේ අනුමැතිය ලබා දීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළා.
ඒ අනුව අද දින සිට හදිසි විදුලි මිලදී ගැනීමට අවශ්‍ය ඉල්ලීම් පෞද්ගලික බලාගාරවලින් සිදු කර ඇති බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. අප කළ විමසීමකදී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් මෙගා වොට් සීයක්ද කැළණිතිස්ස බලාගාරයෙන් මෙගා වොට් එකසිය හැට පහක්ද, ජාතික විදුලිබල පද්ධතියට ලබා ගන්නා බවයි.
මේ අතර මෙලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා විදුලි ඒකකයක් සඳහා රජය ගෙවන ගාස්තුව පිළිබඳව ප්‍රකාශයට පත්කර නැති බවයි වෘත්තීය සමිති පවසන්නේ.