News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
31

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

609 Views


දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post