News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
22

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

494 Views


වැසි රහිත කාලගුණ තත්ත්වයක්

නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමට වැඩි හැකියාවක් ඇති අතර මෙම පද්ධතිය ඉදිරි පැය 12තුළ, ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතී.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


News Articles
Latest Videos
Most Popular Post