News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
29

ඒ නවය ගත් සිසුවෙකුට ගිනි තියපු මහනුවර ඛේදවාචකය

702 Views


ඒ නවය ගත් සිසුවෙකුට ගිනි තියපු මහනුවර ඛේදවාචකය

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ පාසල් සිසුවෙකුට ගිනි තබා බරපතල තුවාල සිදු කිරීමේ අමානුෂික පුවතක් අපට වාර්තා වුණා.

ඒ මහනුවර අම්පිටිය පල්ලෙගම ප්‍රදේශයෙන්.

මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ නමයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රීතිය නිමිත්තෙන් ඥාති නිවසක සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයකට සහභාගී වී නැවත තම නිවස බලා එමින් සිටියදී මෙම සිසුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

යම් පුද්ගලයෙක් සිසුවාගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තබා ඇති අතර සිද්ධියෙන් සිසුවා සමඟ සිටි පියාද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පිළිස්සුම් තුවාල ලැබූ සිසුවා මේ වන විට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම අපරාධය සිදු කර ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවටද අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post