News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
20

බණ්ඩාරනායක ගුවන්තොටුපොළට AED යන්ත්‍රයක්

471 Views


බණ්ඩාරනායක ගුවන්තොටුපොළට AED යන්ත්‍රයක්

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට Automated External Defibrillator යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ.

හෘදයාබාධ යනු ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන්ගෙන් 95% කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි.

මෙයට පිළියමක් වශයෙන් බොහෝ රටවල පොදු ස්ථාන වල Automated External Defibrillator (AED) යන්ත්‍ර සවිකර ඇත.

Automated External Defihtllator යනු රෝගියාගේ ECG තරංග රටාව පරීක්ෂා කිරීමටත්, විධාන ලබා දීමටත් රෝගියා නැවත පණ ගැන්වීමට අවශ්‍ය වූ විට විදුලි කම්පනයක් ලබා දීමටත් නිර්මාණය කර ඇති උපකරණයකි.

නිසි පුහුණුවකින් පසු සෞඛ්‍ය සේවයේ නිරත නොවන පුද්ගලයෙකුට වුවද භාවිතා කළ හැකි ආකාරයට මෙම යන්ත්‍ර නිර්මාණය කර ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු වසරකට මගින් මිලියන 15 ක් පමණ භාවිතා කරන ස්ථානයකි.

එමෙන්ම එහි නිතර හෘදයාබාධ සිද්ධීන් වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් AED යන්ත්‍රයක් නොමිලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සවි කිරීමටත් ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ අධීක්ෂණය යටතේ මෙම යන්ත්‍රය භාවිතා කිරීම සහ මූලික ජීවිතාධාර (CPR) ලබාදීම සම්බන්ධ පුහුණුවක් ගුවන් තොටුපළ සේවක සේවිකාවන්ට ලබා දීමටත Herrma Surgicals & Diagnostics (පුද්ගලික) සමාගම කටයුතු කළේය.


News Articles
Latest Videos
Most Popular Post