News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

ප්‍රාථමික අංශ දරුවන් වාර විභාගවලින් නිදහස්

466 Views


ප්‍රාථමික අංශ දරුවන් වාර විභාගවලින් නිදහස්

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු/ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළ ද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ද නිසි කලට ලබාදීමට කටයුතු කරන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post