News Line| Off Air| Games
Generic placeholder image

Dec
29

ලෝකයේ ජනතාව ජිවත් වීමට කැමතිම රට කැනඩාව – ලංකාවට 47 වන තැන

695 Views


ලෝකයේ ජනතාව ජිවත් වීමට කැමතිම රට කැනඩාව – ලංකාවට 47 වන තැන

ලෝක ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් පිළිබඳව නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලොව ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට කැනඩාව සමත් වී තිබෙනවා.

බලශක්තිය, ආහාර සහ ඛනිජ වර්ග රැසක සැලකිය යුතු ප්‍රධාන පෙළේ අපනයනකරුවෙකු ලෙස කැනඩාව ප්‍රමුඛ පෙළේ රටක්. මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයි.

ස්විස්ටර්ලන්තයේ තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එසේම මෙම නව ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර ස්පාඤ්ඤය පස්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හතළිස් හත්වන ස්ථානයයි. චීනය පනස් හය වන ස්ථානයේත්, ඉන්දියාව හැටහත්වන ස්ථානයේත් පසුවන බවයි, දෙදහස් විසිදෙක මෙම නවතම වාර්තාවලට අනුව දැක්වෙන්නේ.

මේ අතර ලොව ඉහළම ගුණාත්මක ජීවන රටාවක් ඇතිවන රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආහාර, නිවාස, ගුණාත්මක අධ්‍යාපනය ඉහළ සෞඛ්‍ය සේවාව, යහපත් ජීවන තත්වය, රැකියා සුරක්ෂිතභාවය, පුද්ගල නිදහස අනුව මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව ලොව ඉහළම ගුණාත්මක ජීවන රටාවක් ඇති රටවල් අතර, පෙරමුණ ගැනීමට ස්වීඩනය සමත්වී තිබෙනවා.

මෙම නව ශ්‍රේණිගත කිරීම්වල, දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ඩෙන්මාර්කයටයි. තෙවන ස්ථානය කැනඩාවට හිමිව තිබෙනවා. සිව්වන ස්ථානය හිමිව ඇත්තේ, ස්විස්ටර්ලන්තයටයි.

එසේම පස්වන ස්ථානයේ නෝර්වේ රාජ්‍යයට හිමිව තිබෙනවා.

මෙම නව ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ හැට තුන්වන ස්ථානයේයි.

ලොව ඉහළම ගුණාත්මක ජීවන රටාවක් ඇති ආසියානු රටවල් අතර තිස් අට වන ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙනවා. පනස් පස් වන ස්ථානය බංගලාදේශයට හිමිව ඇති බවත්, මෙම නවතම වාර්තාවේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post