News Line| Off Air| Games
Generic placeholder image

Dec
29

දෙසැම්බර් 31 වනදා රාජ්‍ය සේවයේ 30,000 ක් විශ්‍රාම යයි

390 Views


දෙසැම්බර් 31 වනදා රාජ්‍ය සේවයේ 30,000 ක් විශ්‍රාම යයි

2022 දෙසැම්බර් 31 වනදා වන විට රාජ්‍ය සේවයේ සිටින 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන බවද, නමුත් රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද (28) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

මෙලෙස දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන පිරිසෙහි ආරක්ෂක අංශයේ, සංස්ථාවල, මණ්ඩලවල ආදී සෑමආයතනයකම පිරිස් සිටින බව කියා සිටි අමාත්‍යවරයා බොහෝ දෙනා අප රටෙහි රාජ්‍ය සේවය වැඩියි යැයි පවසන බවද රාජ්‍ය සේවය තුළනය කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළේය.

මෙමගින් රාජ්‍ය සේවය තුළනය කිරීම මෙන්ම රාජ්‍ය සේවය පිළිබද නැවත ඇගයීමක් සිදුකරන බවද පැවසූ අමාත්‍යවරයා අත්‍යවශ්‍යම කාරණා පවතී නම් මුදල් අමාත්‍යංශයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් මගින් ඒවන් ස්ථානවලට බදවාගැනීමට බාධාවක් නැතැයිද කියා සිටියේය.

මෙලෙස විශ්‍රාම යන 30,000ක පිරිසගේ වැටුපෙන් 85%ක්ම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට ආණ්ඩුවට සිදුවන බවද රජයක් හැටියට මෙම අවස්ථාවේ රටේ පවතින බර අඩු කරගැනීමට මෙන්ම ජනතාවට ලබාදිය යුතු සහයෝගය ලබාදීමට සෑම අතකින්ම කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

අවශ්‍ය කරන කාණ්ඩයන් සඳහා බඳවාගැනීම් සිදුකිරීමටද, යම් යම් ආයතන අවශ්‍යතා ඉදිරිපත් කළ විට ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයත්, කළමනාකරණ දෙපාර්තමේන්තුවත් මැදිහත්වී කටයුතු කරන බවද අවධාරණය කළ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා පළාත් සභාවල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ වන විට කටයුතු කරගෙන යන බවද පැවසුවේය.

2013න් පසු පළාත් රාජ්‍ය සේවය තුළ ගණනය කිරීමක් සිදු නොකළ රියදුරන් නොමැතිව ප්‍රාදේශීය සභාවල වාහන විශාල සංඛ්‍යාවක් පවතින බවද, ඒ සම්බන්ධයෙන්ද කඩිනමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post