News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

විවාහය ගැන සංවේදී වූ වොල්ගා කියූ කතාව

379 Views


විවාහය ගැන සංවේදී වූ වොල්ගා කියූ කතාව

පුංචි තිරයේ දගකාරිය වොල්ගා කල්පනී ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ඇය එතරම්ම ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්.

වොල්ගා කියන්නේ සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්.

ඇයගේ විවාහය දෙදරා ගිය බව නම් නොරහසක්. ඇය ඒ පිළිබදව වැඩසටහනකට එක්ව මෙලෙස කියා තිබුණා,

හැමෝම දන්නවානේ මම විවාහ වුණේ මගේ හොදම යාළුවා එක්ක.ඉතින් යාළුවෝ එක්ක තරහා වෙන්නේ නෑනේ අපි..අපි හම්බවෙලත් තියනවා. හම්බවුණත් කොහාමද බායි කියලා එන්න පුලුවන් මට්ටමේ අපි ඉන්නවා. ඒ අත්දැකීම කවුරුත් ලබන්න හොද නෑ. උසාවි ගිහින් දැක්ක දේවල් එක්ක ජීවිතේ සමහර දේවල් තනි බොරුවක් කියලා හිතෙනවා. විවාහය විශේෂයෙන්..මගේ විවාහය ඇතුලේ සාප කිරීම්, රංඩු කිරීම් කිසිවක් තිබුණේ නෑ. හැබැයි එතනට ගිහින් කූඩුවට නැගලා මේක කටු ගානවා කියන එක..එහෙම කිසිම කෙනෙක්ට වෙන්න හොද නෑ. ඒක ජීවිතේ අමිහිරි මතකයක්..මම ඒකෙන් පස්සේ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. කමෙන්ට් වලදී පවා.. ඒක මගේ ජීවිතේ අමිහිරි දෙයක්..


News Articles
Latest Videos
Most Popular Post