News Line| Off Air
Generic placeholder image

Mar
3

නවකයින් ගැන උපේක්ෂාගෙන් සැර ප්‍රකාශයක්

402 Views


නවකයින් ගැන උපේක්ෂාගෙන් සැර ප්‍රකාශයක්

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය මදක් කලාවෙන් ඈත් වූවත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී තිබෙනවා.

කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වන නවක රංගන ශිල්පීන් ගැන ඇය මෑතකදී මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි,

“මට නම් සමහර අය දැක්ක ගමන් පෙන්නන්න බෑ. දක්ෂතාවයකුත් නෑ. අත්දැකීමකුත් නෑ. සමහර අය විතරයි. ඒත් දක්ෂතාවය තියන තරුණ පරම්පරාවකුත් ඉන්නවා. රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නැති අපි කියන දෙයක් අහන්නේ නැති අලි ඔලුවෙන් ඉන්න අය ඔින තරම් ඉන්නවා. මෙි අදවස්වල රගපානවා ඒ වගේ අයත් එක්ක. නමුත් අති දක්ෂ තරුණ පරම්පරාවකුත් අපිට ඉන්නවා. නමුත් ඒ අයට සුදුසු ක්ෂේත්‍රයක් අපිට නෑ. ඒ නිසා එයාලා කලකිරෙනවා මම දැකලා තියෙනවා. ඒ අයගේ නිර්මාණවල සුලු චරිතයක් හරි කරලා ඒ අයට සහයෝගය දෙන්න මම කැමතියි. නමුත් මෙලෝ එරහක් නැති අයට නම් මූණට කියලා ප්‍රඩක්ෂන් එකෙන් අයින් වෙන්නත් මම කැමතියි.”


News Articles
Latest Videos
Most Popular Post