News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

අභීගෙන් සංවේදී සටහනක්

207 Views


අභීගෙන් සංවේදී සටහනක්

අභීශේකා විමලවීර, ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි කටහඩක් කිව්වොත් නිවැරදියි. ගායනය වගේම පද රචනයෙන්ද හදවත් සොරාගන්නා ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ මුහුණු පොතේ සටහන් කර තිබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඈ තබනා සටහන් අතර මෙය නම් ටිකක් විශේෂයි.

ඇගේ පියාගේ සංවේදී මතකයන් සමග ඇය මෙම සටහන තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

ගව් ගානක දුක කියන්න පඩි ගාණක හති අරින්න උරහිස උඩ හිස තියාන මගේ නිහඩ හඩ අහන්න..

පෑරුණු තැන් සුව කරන්න තව ගව් දාහක් දුවන්න දෙවියනි තත්පර හැටකට තාත්තාව ගෙනත් දෙන්න..


News Articles
Latest Videos
Most Popular Post