වර්තමානයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ගැටලුවක් ලෙස මානසික ආතතිය පෙන්වා දිය හැක. කෙටි කාලීන මානසික ආතතිය සෞඛ්‍යයමය වශයෙන් ගැටලුකාරී නොවුවද; දිගු කාලීන මානසික ආතතිය භයානක ප්‍රතිපල ඇතිකල හැක.
මානසික ආතතිය ඇතිවීමට මුලික වනුයේ මොළයයි. මොලයේ හයිපොතැලසිය, ස්නායු පද්ධතිය හරහා නිකුත්කරන සංඥා හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ රසායනික සංයුතිය වෙනස් වේ.
එවැනි අවස්තාවක රුධිරයේ ඇඩිනලීන් සහ කෝර්ටිසෝල් වැනි රසායනිකයන්ගේ ප්‍රමාණය වැඩිවන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ.
මානසික ආතතිය පුද්ගලයාගේ ශරීරයේ ඇතුලාන්තය පමණක් නොව බාහිර ආකර්ශනීය කෙරෙහිද බලපෑම් කරන ලදී. එබැවින් මානසික සෞඛ්‍යය වර්ධනය කරමින් පුද්ගල රූ සපුව ආරක්ෂා කරගැනීම උදෙසා මානසික සෞඛ්‍යය වෛද්‍යවරුන් ආහාර ක්‍රම කිහිපයක් හදුන්වා දෙන ලදී.
බ්ලූබෙරිස්
මෙහිදී ස්ටෝබරී, රෝස් බෙරි හා බ්ලූ බෙරි යන බෙරි වර්ග ආහාරයට ගැනීමට පුළුවන. බෙරිවල අඩංගු විටමින් C සංඝටකය සහ ඇන්ටිඔක්සයිඩ් හේතුවෙන් මානසික ආතතිය මගහරවා ගත හැකිය.
මාළු වර්ග
ඔමේගා 3 සංඝටකය අඩංගු මාළු වර්ග හා මේද සංඝටකය අඩංගු මාළු වර්ග ආහාරයට ගැනීමේන් මානසික ආතති තත්ත්වය මගහරවාගත හැකිය.
කළුකුම් මාංංශය
මෙහි අඩංගු ස්බාවික ප්‍රෝටීන මගින් මානසික සෞඛ්‍යය මනාව රදවා ගත හැකිය. රාත්‍රි කාලයේ සුවබර නින්දක් අපේක්ෂා කරන්නන්ට මෙය වඩාත් උචිතය.
කළු චොකලට්
සිරුරේ පවත්නා කොරොස්ටරෝල් මට්ටම මනාව පවත්වා ගැනීමට සහ විටින් විට වෙනස්වන ගති පැවතුම් අවමකර ගැනීමට කළු චොකලට් වඩාත් යෝග්‍ය වේ. මෙහි පවතින කොටිසෝල් මගින් මානසික ආතති තත්ත්වය ද මගහරවා ගත හැකි.
මානසික ආතතිය ඔස්සේ පුද්ගල අභ්‍යන්තරයට බලපෑම් කරන අතර එය බාහිරින් පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස පුද්ගලයාගේ බාහිර ශරීරයේ ඇතිවන විවිධ සංකූලතා පෙන්වාදිය හැක.
නමුත් ඉහතින් සදහන් කරන ලද ආහාර ක්‍රමවේදයන් මානසික ආතතියෙන් පෙලෙන්නන්ට අභ්‍යන්තර මෙන්ම බාහිර වශයෙන් ද ගුණදායක වනු ඇත.