News Line| Off Air| Games
Generic placeholder image

May
11

නතර වෙනවද හුස්ම, නින්දෙදි ?

404 Views


නතර වෙනවද හුස්ම, නින්දෙදි ?

පැය 06ක 07ක නින්ද කියන්නෙ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්.

ඒත් නින්දට බාධා කරන රෝගාබාධත් තියෙනවා. නින්දේදී වරින් වර හුස්ම ගැනීම නතර වීම එහෙම රෝගයක්.

මැදිවියේ ඉන්න, පිරිමි තරබාරු පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. උගුරේ මේදය තැන්පත් වී උගුර පටු වීම තමයි මේකට හේතුව.
මේ නිසා නින්දේදී වරින් වර අවදි වීම සිදු වෙනවා.

මේ අය නින්දේදි ගෙරවීමත් සිදු කරනවා. කොහොම වුණත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ හුස්ම ගැනීම පැයකට වාර 05ක් විතර නතර වෙනවා.
නමුත් මේ රෝගීන්ට විනාඩියකට වාර 100ක් ඉක්මවා වුණත් හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙන්න පුළුවන්.

ඒ වගේම මේ රෝගය දිගින් දිගටම පැවතීමෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ ලිංගික දුබලතා ඇතිවෙන්නත් පුළුවන්.

ඉතින් මේ රෝගීන් අඩු නින්දක් ලබන නිසා ඔවුන්ට එදිනෙදා වැඩකටයුතු කිරීම අසීරු වෙනවා.

මේ රෝගයට ප්‍රතිකාර තියෙනව ද ?

ඔව්. උගුරේ මේදය තැන්පත් වීම සැත්කමක් මඟින් සුව කරන්න පුළුවන්.
නැත්නම් නින්දේදී හුස්ම ගැනීම පහසු කරන CPAP යන්ත්‍රයක් භාවිත කරන්නත් පුළුවන්.
දිනපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, තරබාරු බව අවම කරගැනීම මඟිනුත් මේ රෝගය පාලනය කරගන්න අපිට පුළුවන්.

සමහරු මේ රෝගය තමන්ට තියෙනව ද කියල දන්නෙත් නෑ. ඒ නිසා නිසි වෛද්‍ය පරීක්ෂණවලින් රෝගය ඇත්දැයි විමසීම වැදගත්.

රෝගයෙදි නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවුනොත් අංශභාගය වුණත් වැළඳිය හැකියි.

මරණයෙන් වුණත් ජීවිතය කෙළවර කරන්න, මේ නින්දේදී වරින් වර හුස්ම ගැනීම නතර වීමේ රෝගයට පුළුවන්. ඉතින් ඔබේ ජීවිතය රැකගැනීම, ඔබේ වගකීමක්.

ඔබේම ළබැඳියන්ට ඔබව අහිමි වීමට ඉඩ නොදෙන්න.


News Articles
Latest Videos
Most Popular Post