News Line| Off Air
Generic placeholder image

Aug
29

ලොව පළමු වරට මොළයෙන් හමු වූ පණුවා

1045 Views


ලොව පළමු වරට මොළයෙන් හමු වූ පණුවා

ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් ජීවී පණුවෙකු හමු වී තිබෙනවා.

64 වයසැති එම කාන්තාවගේ මොළයේ සෙන්ටිමීටර 8ක පමණ පණුවෙකු සිටි බවයි වාර්තා වන්නේ.

ඇයට අමතක වීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙනුයි වෛද්‍යවරයා හමුවී ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සිටින විෂ රහිත සර්පයන්ගේ ශරීර තුළ වැඩි වශයෙන් මෙම පණු වර්ගය සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සිදුකළ සැත්කමකින් පසුවයි මෙම පණුවා හමුවී තිබුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post