නමින් රෙයින් ඉමාෂ් කරුනාරත්න කීවම දැන් ලංකාවේ වගේම ඉතාලියේත් ගොඩක් ජනප්රිය පුංචි දරුවෙක්.
මේ පුංචි රෙයින්ගේ වයස අවුරුදු 8ක්.
රෙයින් ඉපදෙන්නේ ඉතාලියේ. ඒ 2016/05/19 වැනිදා.
රෙයින්ගේ මව පියා ශ්රී ලාංකිකයින්. ඔවුන් මේ වන විට ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ.
මේ වන විට රෙයින් මිලානෝවල ඔපෙරා ඉන්ට්රනැෂනල් මියුසික් පාසලෙන් සංගීතය හදාරමින් සිටිනවා.
මොහු පුංචි කාලයේ සිටම ගායනය වාදනය යන අංශවලට ගොඩක් දක්ෂයි.
ඒ නිසා ඉතාලියේ පැවැත්වුණු ටුවර් මියුසික් ෆෙස්ට් තරඟාවලියට පුංචි රෙයින් ඉදිරිපත් වනවා.
එහිදී යුරෝපිය රටවල් අතර තරගයට තරග කරැවන් 25000ක් අතරින් අවසාන වටය සදහා රෙයින් තේරීපත් වනවා.
අවසන් 25 දෙනා අතරට ශ්රි ලංකිය සම්බවයක් ඇති බේබි සිගර් තරග අංශයට තේරි පත්වූ එකම තරඟකරු මොහුයි.
අවසාන තරග වටය නොවැම්බර් 29 වන දින ඉතාලියේ සන්මරීනෝවල පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.