News Line| Off Air
Generic placeholder image

Jul
2

ඉන්දියාවටත් කළින් ශ්‍රී ලංකාවට ආ STARLINK

770 Views


ඉන්දියාවටත් කළින් ශ්‍රී ලංකාවට ආ STARLINK

ස්ටාර් ලින්ක් අන්තර් ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් හිමිකරු එලොන් මස්ක් පවසනවා.
ඒ අනුව මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ටාර් ලින්ක් ආවරණය ලබා දුන් බව ඔහු නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
Starlink හි අධිවේගී, ප්‍රමාදවීම් අවම අන්තර්ජාල පහසුකම දැන් ශ්‍රී ලංකාවේ ඇත යනුවෙනුයි ස්ටාර් ලින්ක් සමාගම එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මාසික ව ගෙවන ගාස්තුවට අමතර ව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම සඳහා අවශ්‍ය උපාංග මිලදී ගැනීමට ද මූලික පිරිවැයක් දැරිය යුතුයි.
Starlink යනු ඇමරිකානු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සැපයුම්කරුවෙකු වන Starlink Services, LLC විසින් ක්‍රියාත්මක කරනු ලබන චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක්.
භූතානය සහ බංග්ලාදේශයෙන් පසු මෙම සේවාවට ප්‍රවේශය ලබා ගන්නා දකුණු ආසියාවේ තුන්වන රට ශ්‍රී ලංකාව බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
SpaceX හි Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඉන්දියාවේ තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් නීතිමය ගැටළු පවතින බවයි වාර්තා වන්නේ
කෙසේවෙතත් ඉන්දීය ජාතික අභ්‍යවකාශ ප්‍රවර්ධන සහ අවසර මධ්‍යස්ථානයේ සභාපතිවරයා විශේෂ සංවාදයකදී තහවුරු කර ඇත්තේ, ස්ටාර්ලින්ක් සඳහා වන නියාමන සහ බලපත්‍ර අවශ්‍යතා බොහොමයක් ඉන්දියාව විසඳා ඇති බවයි.
ඉදිරි දිනවලදී එය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post