News Line| Off Air
Generic placeholder image

Jul
11

දිගුකාලීනව සිරුර නිරෝගී කරවන අපූරු රසය

478 Views


දිගුකාලීනව සිරුර නිරෝගී කරවන අපූරු රසය

සුදුළුණුවල තිබෙන සුවඳ මෙන්ම ඊට අනන්‍ය වූ රසය නිසාම එය සියවස් ගණනාවක් තිස්සේ ලෝකය පුරාම මුළුතැන්ගෙයි වල ජනප්‍රිය වූ ආහාරයක්. රසවත් ආහාරයක් පිළියෙල කිරීමේදී යොදාගන්නා අමුද්‍රව්‍යක් පමණක් නොව, සුදුළුණු සතු සෞඛ්‍යමය වටිනාකමද විශාලය. සුදුළුණුවල ඇතුළත් ඖෂධීය ගුණාංග නිසා එය සම්ප්‍රදායික ඖෂධයක් ලෙස ද භාවිතා වී ඇත.

සුදුළුණුවල ඇලිසින් නම් ප්‍රබල සක්‍රිය සංයෝගයක් අඩංගු වන අතර ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවත් ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමේ හැකියාවත් ඒ තුළ පවතියි. එමෙන්ම නිතර සුදුළුණු ආහාරයට ගැනීම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි පොදු රෝග වලට ලක්වීමේ අවදානම අඩු කරයි. රුධිර පීඩනය අඩු කිරීමට සහ සාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට ද උපකාරී වේ. මෙය හෘදරෝග මතු වීමේ අවදානම අඩු කිරීම කෙරෙහි බලපාන අතර, ඇලිසින් නම් සංයෝගය රුධිර නාල සන්සුන් කිරීමටත්, සුමට රුධිර සංසරණයක් පවත්වා ගැනීමටත් උපකාරී වේ.

සුදුළුණු වල අඩංගු කාබනික සල්ෆර් සංයෝග වලට පිළිකා සෛල මතුවීම වැළැක්වීමට සහ වර්ධනය ක්‍රමයෙන් අඩු කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම ආමාශයික පිළිකා සහ මහා බඩවැල් පිළිකා වැනි රෝග වලින් ආරක්ෂා වීමට මෙය කදිම ඖෂධයකි.

සුදුළුණු, ශරීරයෙන් විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමට උපකාර වන එන්සයිම ක්‍රියාකාරිත්වය සක්‍රිය කරයි. එමගින් අක්මාවෙහි සහ ජීර්ණ පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වී ස්වභාවිකවම ශරීර අභ්‍යන්තරය පිරිසිදු කිරීම ආරම්භ කරයි. දිනපතා සුදුළුණු පරිභෝජනය කිරීම ශරීරය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක පවත්වා ගැනීමට දායක වේ.
අඩු කැලරි අගයක් සහිත වුවද සුදුළුණු වල අඩංගු විටමින් C, B6, මැංගනීස් සහ සෙලේනියම් වැනි වැදගත් පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරය තුළ ඇති විවිධ ක්‍රියාකාරීත්වයන් සඳහා අවශ්‍ය වන අතර, එය ශක්තිමත් සහ සවිමත් කායික පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වේ. අවපැහැ වී ඇති නියපොතු සඳහා සුදුළුණු යුෂ ආලේප කිරීමෙන් නිරෝගිමත් දිදුලන නියපෙළක් ලබාගත හැකිය. සුදුළුණු යනු රසය සඳහා පමණක් නොව, සෞඛ්‍යය සඳහාද විශාල වටිනාකමකින් යුතු ආහාරයකි. එහි තියුණු සුවඳ නිසා සමහරවිට ඔබ එයට අකමැති වුවද, එය ශරීරය නිරෝගී කරවන දිගු කාලීනව භාවිතයට ගතයුතු වර්ගයේ පෝෂණීය රසකාරකයකි.


News Articles
Latest Videos
Most Popular Post