එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා.
එහෙත් ඊයේ (17) දිනයේදී ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ තම පෞද්ගලික හේතුවක් මත ශාරුක් ඛාන් විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවන බවත් උත්සවයේ කටයුතු එදිනට නියමිත පරිදි සිදු කිරීමට සියළු කටයුතු සූදානම් බවත් නිවේදනය කර තිබුණා.
ලංකාවේ වෙසෙන ඔහුගේ රසික රසිකාවියන්ටත් ඔහුව සියැසින් දැකබලා ගැනීමේ කැමැත්තෙන් සිටි සියළු දෙනාටත් මේ පුවත එතරම් සුබදායක ආරංචියක් නොවෙනු ඇත.

