සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන (AI Singapore) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන අරමුණු සඳහා දායක විය හැකි, සක්‍රීය හවුල්කාරිත්වයන් සහ දැනුම හුවමාරු අවස්ථා ගවේෂණය කිරීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක වන “AI Singapore” වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.
දෙරට අතර සහයෝගීතාව විධිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා. මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු වන්නේ දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ පර්යේෂණ ආරම්භ කිරීම, කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම, සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ඇති කර ගැනීමයි.ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දියුණුවට සැලකිය යුතු පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.