ඩ්‍රැගන් ෆෘට්, පිටායා හා ස්ට්‍රෝබෙරි පෙයා යන අන්වර්ථ නම් වලින් හඳුන්වන ඩ්‍රැගන් ෆෘට් එහි සුවිශේෂී හැඩය සහ දීප්තිමත් වර්ණය නිසාම කාගේත් සිත් ඇදගන්නා පළතුරක්. ඕවලාකාර හැඩය සහ උල් කොරපොතු වැනි පොත්ත මකරෙකු සිහිගන්වන නිසා “ඩ්‍රැගන් ෆෘට්” යන නම මෙම පළතුරට ලැබී තිබෙනවා. මෙම විස්මිත පළතුර මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ආවේණික වන අතර, මෙය විවිධ වර්ණවලින් යුත් වර්ග කිහිපයකින් සමන්විතයි.
පෙයාර්ස් ගෙඩියක රසයට සමාන රසයකින් යුතු ඩ්‍රැගන් ෆෘට්, එහි පවතින සෞඛ්‍යමය ගුණාංග නිසා ඉතා ඉහළ අගයක් ගනී. එය ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක රැසකින් සමන්විත වන අතර, ප්‍රධාන වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
ඩ්‍රැගන් ෆෘට් වල විටමින් සී සහ විටමින් බී , කැරොටිනොයිඩ් වැනි ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වනවා. මෙම පෝෂක, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ. සුදු රුධිරාණු සෛලවල ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට උපකාරී වන බැවින්, ආසාදනවලින් ආරක්ෂා වීමට ඩ්‍රැගන් ෆෘට් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.
අධි රුධිර පීඩනය පාලනය කිරීමට ඩ්‍රැගන් ෆෘට් උපකාරී වන බව සොයාගෙන තිබෙනවා. එසේම, එහි අඩංගු කුඩා කළු ඇට මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම හෙවත් මධුමේහය පාලනය කරයි.
කැලරි අඩු සහ තන්තු බහුල පළතුරක් වන ඩ්‍රැගන් ෆෘට්, ඔබට දිගු වේලාවක් කුසගින්න නොදැනී සිටීමට උපකාරී වනවා. ඩ්‍රැගන් ෆෘට් වල අඩංගු බීටාසයනින් මත වැඩෙන හිතකර බැක්ටීරියා මගින් තරබාරුභාවය (ස්ථුලතාවය) පාලනයට ද එය වැදගත්.
ශරීරයේ සෛල වලට හානි කරන නිදහස් රැඩිකල් ඉවත් කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක ගුණ ඩ්‍රැගන් ෆෘට් සතුයි. එමඟින් පිළිකා තත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට වාසියක් සලසයි. ආතරයිටිස් වැනි සන්ධි රෝගවලින් පීඩා විඳින අයට ද ඩ්‍රැගන් ෆෘට් ඉතා ගුණදායකයි. එහි අඩංගු ප්‍රතිප්‍රදාහ සංයෝග මගින් සන්ධිවල සහ බන්ධනවල වේදනාව අවම කරයි.
ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරන ඩ්‍රැගන් ෆෘට්, ශරීරයේ ජල සමතුලිතතාවය පවත්වා ගනිමින් විජලනය වීම වළක්වයි. ඩ්‍රැගන් ෆෘට් යනු රසවත් මෙන්ම සෞඛ්‍යයට අතිශයින් ගුණදායක පළතුරකි. එය ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඉහත සඳහන් සියලු ප්‍රතිලාභ ලබා ගත හැකියි.


