News Line| Off Air
Generic placeholder image

Jul
31

WhatsApp OTP වංචා ගැන CID එකෙන් අනතුරු ඇඟවීමක්

545 Views


WhatsApp OTP වංචා ගැන CID එකෙන් අනතුරු ඇඟවීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් WhatsApp සමාජ ගිණුම් භාවිතා කරන සියළු පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙනවා. ඒ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද නැතහොත් OTP අංකය හොරකම් කිරීම සඳහා ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොදා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනුයි .

සයිබර් අපරාධකරුවන් WhatsApp හරහා අනවසරයෙන් සම්බන්ධ වී එනම් හඬ ඇමතුම් හෝ නොමඟ යවනසුළු කෙටි පණිවිඩ භාවිතා කරමින් මිනිස්සුන් රවටා OTP අංකය ලබා ගැනීමේ වංචාවක යෙදෙන බවයි පොලිසිය පවසන්නේ. මේ අකාරයට OTP අංකය ලබා ගැනීමෙන් පසුව, සයිබර් අපරාධකරුවන් අදාළ WhatsApp ගිණුමට සම්පූර්ණයෙන්ම ඇතුල් වී, අදාළ පුද්ගලයා ලෙස පෙනී සිටිමින් ගිණුම අයත් පුද්ගලයා හඳුනන අනෙකුත් පුද්ගලයන්ට ව්‍යාජ පණිවිඩ යවමින් මූල්‍ය වංචා කිරීමට උත්සහ දරනවා.

මේ ආකාරයේ මූල්‍ය වංචා දිගින් දිගටම සිදු වන නිසා, අවධානයෙන් පසු වන්නැ‍යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය අවවාද කරන්නේ කිසිදු හේතුවක් මත කිසිදු මාර්ගගත ගිණුමක OTP අංක හෝ සත්‍යාපන කේත වෙනත් කිසිදු අයෙක් සමඟ බෙදා ගැනීමෙන් වළකින ලෙස‍යි.

යම් ආකාරයේ වංචාවක් සිදුවන බවට සැකයක් ඇත්නම්, වහාම පොලිසිය වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post