News Line| Off Air
Generic placeholder image

Aug
4

පළමු රන්දෝලි පෙරහැර අදයි

546 Views


පළමු රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ගෙවැදීමට නියමිතයි.


පළමු රන්දෝලී පෙරහැර වෙනුවෙන් පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක ද ක්‍රියාත්මක කොට තිබෙනවා. එමෙන්ම අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.


ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අධීක්‍ෂණය යටතේ පෙරහැර පැවැත්වෙන මාර්ගයේ මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂිත වැට ඉදිකිරීම නාවික හමුදා ශීල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර, නුවර වැව පරිශ්‍රය ආවරණය වන පරිදි නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් ඒ සඳහා අවශ්‍ය ජිවිතාරක්‍ෂක උපාංග සහ යාත්‍රා සමඟ පෙරහැර අවසන් වන තෙක් අඛණ්ඩව ජීවිතාරක්‍ෂක සේවා සැපයීම සිදුකරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post