News Line| Off Air
Generic placeholder image

Aug
6

හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 80යි

551 Views


හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 80යි

අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (අගෝස්තු 6) දින ජපානයේ නිහඬ යාඥාවක් පවත්වා තිබෙනවා.


ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා ඇතුළු ලොව පුරා නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා. හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ ඇත්තේ, “යුද්ධයකදී පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ එකම ජාතිය ජපානයයි. ජපාන රජය නියෝජනය කරන්නේ සැබෑ සහ ස්ථිර සාමය අපේක්ෂා කරන ජනතාවක්” ලෙසයි.

දෙවන ලෝක යුද්ධය අවසන් වූයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට බෝම්බ හෙලීමෙන් පසුව ජපානය යටත් වීමත් සමඟයි.


News Articles
Latest Videos
Most Popular Post