ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව, මීටර් 4 X 400 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:08.02ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා.
එමෙන්ම, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ මීටර් 86.65ක දක්ෂතාවක් දක්වමින් නව ජාතික වාර්තාවක් සමඟ රන් පදක්කම දිනාගෙන ඇති අතර එම ඉසව්වේදීම සුමේධ රණසිංහ මීටර් 80.65ක දක්ෂතාවක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.
තවද, කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 54.96ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
