News Line| Off Air
Generic placeholder image

Aug
15

රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක්

399 Views


රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක්

නළුවකු ලෙස රජිනිකාන්ත් සිනමා දිවියට පිවිස අදට (අගෝස්තු 15) වසර 50ක් සපිරේ.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනිකාන්ත් උපත ලැබුවේ සිවාජි රාඕ ගයික්වාඩ් නමින් මරාති පවුලක වන අතර ඔහුගේ මව් බස මරාති වුවද, පසුව ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණා. සිනමාවට පිවිසීමට පෙර ඔහු බස් කොන්දොස්තරවරයෙක් ලෙස ද සේවය කර තිබෙනවා.

Madras Film Institute හි රංගනය හදාරන සමයේ, චිත්‍රපට අධ්‍යක්ෂ කේ. බාලචන්ද්‍රන් ඔහුට රජිනිකාන්ත් යන නම ලබා දී සිනමාවට හඳුන්වා දුන්නා. ඔහුගේ පළමු චිත්‍රපටය 1975 අගෝස්තු 15 වන දින තිරගත වී තිබෙනවා.

රජිනිකාන්ත්ගේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් තිරගත වන ඔහුගේ 171 වැනි චිත්‍රපටය නම් කර ඇත්තේ Coolie නමිනි. මෙම චිත්‍රපටයේ නම ඔහුගේ පළමු රැකියාව වන කුලී වැඩ සිහිපත් කරමින් නිර්මාණය වූවකි.


News Articles
Latest Videos
Most Popular Post