News Line| Off Air
Generic placeholder image

Aug
28

ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිස ගනී

436 Views


ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිස ගනී

පසුගියදා ලොව පුරා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්, ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමග විවාහ ගිවිසගත් බව නිවේදනය කළා. වසර දෙකක ප්‍රේම සම්බන්ධයකින් පසුව මේ දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ස්විෆ්ට්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මේ පුවත ප්‍රසිද්ධියට පත් කළ අතර, ඊට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, ස්විෆ්ට්ගේ විවාහ ගිවිසගැනීමේ මුදුව සඳහා ඇමරිකානු ඩොලර් 29,000කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන්.

එමෙන්ම, විවාහ ගිවිසගැනීමේ ඡායාරූප සඳහා ඇය රැල්ෆ් ලෝරන් සන්නාමයේ ඇඳුමක් සහ කාර්ටියර් වර්ගයේ දියමන්ති ඔරලෝසුවක් පැළඳ සිටියා.

දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විවිධ අදහස් දැරුවත්, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ටේලර් ස්විෆ්ට්, උප ජනාධිපති කමලා හැරිස්ට සහය දැක්වුවත්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට සුබපැතුම් එක් කිරීමට අමතක කළේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post