News Line| Off Air
Generic placeholder image

Sep
22

නදී වාසලමුදලිආරච්චිගේ “පැන්ට්‍රම්” චිත්‍රපටයට Swami Vivekananda සිනමා උළෙලෙන් සම්මාන ත්‍රිත්වයක්

417 Views


නදී වාසලමුදලිආරච්චිගේ “පැන්ට්‍රම්” චිත්‍රපටයට Swami Vivekananda සිනමා උළෙලෙන් සම්මාන ත්‍රිත්වයක්

නදී වාසලමුදලිආරච්චි විසින් අධ්‍යක්ෂණය කරන ලද “පැන්ට්‍රම්” වෘතාන්ත චිත්‍රපටය කල්කටාවේ පැවති Swami Vivekananda International Film Festival (SVIFF) හිදී සම්මාන තුනක් හිමිකර ගෙන තිබෙනවා. හොඳම චිත්‍රපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය එම සම්මාන ත්‍රිත්වයයි.

මයුර පෙරේරා, හේමසිරි ලියනගේ සහ අනුසුයා සුබසිංහ රංගනයෙන් දායක වන පශ්චාත් යුධ සමය පාදක කරගත් මෙම නිර්මාණය මීට පෙර Independent and Experimental Film Festival of Kerala (IEFFK) හිදී සිය පළමු ලෝක ප්‍රදර්ශනය පවත්වා විචාරක පැසසුම් ලබා තිබුණා.

සියත අපෙන් නදී වාසලමුදලිආරච්චි ඇතුළු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!


News Articles
Latest Videos
Most Popular Post