News Line| Off Air
Generic placeholder image

Oct
31

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

327 Views


ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

නිව් මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ අද (30) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 339ක දැවැන්ත ඉලක්කය, පන්දු වාර 48.3ක් තුළදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වී තිබෙනවා.

ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධාන දායකත්වය ලබා දුන් ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස් කළ අතර, නායිකා හර්මන්ප්‍රීත් කෝර් ලකුණු 89ක් වාර්තා කළා. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල සඳහා පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක් පිහිටුවා ගෙන තිබෙනවා.

ඊයේ (29) පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබුණා. එමෙන්ම දකුණු අප්‍රිකාව පළමු වරට මෙම අවස්ථාව හිමිකර ගෙන තිබීමත් මෙහි සුවිශේෂීත්වයක්. ඒ අනුව, වසර 52ක (1973 සිට) ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව සහභාගී නොවන අවසන් මහා තරගයක් මෙවර පැවැත්වෙයි.

එමෙන්ම ඉන්දියාව මීට පෙරද 2005 සහ 2017 වසර වලදී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. අවසන් මහා තරගය මෙම ක්‍රීඩාංගණයේදීම එළැඹෙන ඉරිදා (නොවැම්බර් 5) පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post