News Line| Off Air
Generic placeholder image

Feb
11

ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය

77 Views


ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය

හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක භූමියක විහිදී ඇති ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරගේ සංකල්පයකට අනුව නිර්මාණය වූවකි. නිදහසින් පසු මෙරට ඉදිවූ ප්‍රථම උද්භිද උද්‍යානය වන මෙය, වියළි කලාපීය ශාක සංරක්ෂණය, වාණිජ මල් වගාව ප්‍රවර්ධනය සහ නගරයේ හරිත තීරුව රැකගැනීම අරමුණු කරගනිමින් ඉදි කර ඇත.

තර්ජනයට ලක් වූ ශාක ඇතුළු ඖෂධීය පැලෑටි 1400ක්, වියළි කලාපීය ශාක වර්ග 460ක් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සිටුවන ලද සමරු ශාක 52කින් සමන්විත මෙම උද්‍යානය, සමනල උයන සහ ඉන්දීය විලෝ මාවත වැනි ආකර්ෂණීය අංගයන්ගෙන් පොහොසත්ය. බැරගම විල හරහා ජල අවශ්‍යතා සපුරා ගනිමින් නරඹන්නන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ඇති මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් පාලනාධිකාරිය ඉල්ලා සිටින්නේ, අපද්‍රව්‍ය බැහැර නොකර මෙම ස්වභාවික සම්පත අනාගතය වෙනුවෙන් සුරැකීමට දායක වන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post