News Line| Off Air
Generic placeholder image

Mar
10

සිව් වසරකට පසු යළි දකින නැදුන්ගමුවේ ඇත් රාජා

10 Views


සිව් වසරකට පසු යළි දකින නැදුන්ගමුවේ ඇත් රාජා

ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පෙරහැරේ දළදා කරඬුව වැඩම වූ, මෙරට බෞද්ධ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ආසියාවේ උසම හස්තියා ලෙස සැලකුණු නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපයට සමානව ප්‍රතිස්ථාපනය කරන ලද අනුරුව, ලබන 11 වැනිදා සිට කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි අද (09) ප්‍රකාශ කර තිබෙනවා. හෙට (11) සිට කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ඔබටත් මෙය දැකබලා ගත හැකියි. එන්න, මේ ඓතිහාසික අවස්ථාව අත්විඳින්න!


News Articles
Latest Videos
Most Popular Post