News Line| Off Air
Generic placeholder image

Aug
5

රොමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

48 Views


රොමේෂ් තරංගට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක ශූරයන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කමක් අත්කර දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොමේෂ් තරංග සමත් වී තිබෙනවා. මාතෘභූමියට විශාල අභිමානයක් එක් කළ ඔහුගේ මෙම අසමසම දක්ෂතාව මෙන්ම මීට පෙර ලබා ඇති ජයග්‍රහණයන් ද අගයමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසිනුයි ඔහුව කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත්තේ.
මෙයට අමතරව, රොමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළ අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්නගේ හා භෞතික චිකිත්ස කෝප්‍රල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔහු වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරුණා. මෙම විශේෂ උපහාර දැක්වීමේ සහ ඇගයීමේ උත්සවය අද (2026 අගෝස්තු 05) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post