ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
2026 අගෝස්තු 18 සිට 28 දක්වා පැවැත්වෙන පෙරහැර සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂා කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කරනවා.
2026 අගෝස්තු 19 වනදා පැවැත්වෙන දෙවන කුඹල් පෙරහැර පස්වරු 6.41ට ආරම්භ වීමට නියමිත අතර, පෙරහැර ගමන් මාර්ගයේ දුර මීටර් 970ක් බව සඳහන්.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ රථවාහන ගමනාගමනය පාලනය කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


