සිව්වන රන්දෝලි පෙරහැරට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්
52 Views
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර හේතුවෙන් මහනුවර නගරයේ රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.
- කටුගස්තොට සිට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරයට ගමන් කළ හැකියි.
- කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය, යටිනුවර වීදිය සහ තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකියි.
- මහනුවරින් කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකියි.
- තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර හා දුම්රියපොළ ප්‍රදේශ හරහා ගමන් කළ හැකියි. රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේද මහනුවර නගරයට ඇතුළු විය හැකියි.
- නගරයේ සිට අම්පිටිය හා තෙල්දෙණිය දෙසට යන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ සංඝරාජ මාවත හරහා ගමන් කළ හැකියි.
- පල්ලිය පාර දෙපසටම වාහන ගමන් කළ හැකි පරිදි වෙන් කර තිබෙනවා.
- කොළඹ දෙසින් මහනුවරට ඇතුළුවීමටත්, මහනුවරින් කොළඹ දෙසට පිටවීමටත් විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකියි.
මෙම විකල්ප මාර්ග භාවිත කරමින් පෙරහැර පැවැත්වෙන කාලය තුළ රථවාහන තදබදය අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.