News Line| Off Air| Games
Generic placeholder image

Mar
6

ඉන්දු – පාකිස්තාන යුද උණුසුම විහිළුවට ගත් ට්‍රෙවර් සමාව ගනී

986 Views


ඉන්දු – පාකිස්තාන යුද උණුසුම විහිළුවට ගත් ට්‍රෙවර් සමාව ගනී

ඉන්දියාව සහ පාකිස්තානය උපරිම විනෝදයක් ලබාදෙන දෙදෙනෙක් බවත්, ඔවුන්ගේ යුද්ධය ඉතිහාසයේ දීර්ඝතම යුද්ධය විය හැකිවා මෙන්ම, හොඳට නටන්නට හැකි තවත් නොම්මරයක් ඔවුන් මෑතකදී ලබාදුන් බව දකුණු අප්‍රිකානු හාස්‍යෝත්පාදකයෙකු හා නිවේදකයෙකු වන ට්‍රෙවර් නෝආ පවසා තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර කාෂ්මීරය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ යුද උණුසුම සම්බන්ධයෙන් සිය උදෑසන හාස්‍යෝත්පාදක වැඩසටහන වන ‘ද ඩේලි ෂෝ’ හිදී ඔහු මෙම රටවල් විහිළුවට ලක්කර ඇත.

කෙසේ වෙතත්, ඔහුගේ මෙම විහිළුව ලෝකයේ වෙනත් රටවලට හාස්‍යයක් ගෙන දුන්නද, ඉන් ඉන්දියාව මෙන්ම පාකිස්තානයද සිත් රිදීමකට ලක්ව ඇති බව කියැවෙයි.

මේ සමගම ට්‍රෙවර් පවසා තිබුණේ තමා ඉන්දියාව සහ පාකිස්තානය අතර මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය විහිළුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටු වන බවයි.

ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේදී එරට හමුදා සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරමින් පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙවර ඔවුන්ගේ යුද උණුසුම යළි තීව්‍ර කරනු ලැබීය.

පසුව ඉන්දීය ගුවන් යානා පාකිස්තාන පාලනයේ පවතින කාෂ්මීරයේ ඇති ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව පැවසීය.

මේ අතර, එසේ ගුවන් ප්‍රහාරයකට ගිය ඉන්දීය යානයක් සිය ගුවන් ශක්තිය යොදා බිම හෙළීමට පාකිස්තානය කටයුතු කළ අතර, ඉන්දීය ගුවන් නියමුවෙකු නිරුපද්‍රිතව අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සමග ඔවුන් දෙපාර්ශ්වය අතර තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරුණත්, පසුව පාකිස්තාන අගමැතිවරයා එම ගුවන් නියමුවා නිදහස් කිරීමත් සමග තත්ත්වය යළිත් සමනය විය.

මේ ආකාරයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර දශක කිහිපයක සිට වරින් වර ඇතිවන උණුසුම් තත්ත්වයන් දෙරටේම සාමාන්‍ය ජනතාව පාලකයන් විසින් සතුටු කරන අවස්ථා ලෙසද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


News Articles
Latest Videos
Most Popular Post