News Line| Off Air| Games
Generic placeholder image

Nov
13

“ඒක වික්ටර් මහත්තයාගේ ජිවිත කතාව කියලා දන්නවනම් හැමෝටම ගහලා කැමරා කුඩු කරලයි මම එන්නේ” – විල්සන් කරු දැන් කියන කතාව මෙන්න.

2975 Views


“ඒක වික්ටර් මහත්තයාගේ ජිවිත කතාව කියලා දන්නවනම් හැමෝටම ගහලා කැමරා කුඩු කරලයි මම එන්නේ” – විල්සන් කරු දැන් කියන කතාව මෙන්න.

විල්සන් කරූ කියන්නෙ සිංහල සිනමාවට හැමදාමත් දුෂ්ඨකම් කරපු කෙනෙක්. එහෙම කිව්වේ සිංහල සිනමාවේ හිටපු හොදම දුෂ්ඨයාගේ චරිතය රඟපාපු කෙනෙක් නිසයි. එ් දවස්වල විල්සන්ගේ දුෂ්ටකම් නැති චිත්‍රපටක් හොයා ගන්නම නැති තරම්.
චිත්‍රපට 250 ක විතර රඟපාලා තියෙන විල්සන් පහුගිය දවස්වල ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුනා. හැබැයි එ්කට ලැබුණ ප්‍රතිචාර නම් හොද එ්වා නෙවෙයි. ඉරාජ් නිශ්පාදනය කරපු මේ මියුසික් වීඩියෝවේ තිබ්බේ අපේ රටේ ප්‍රවීණ ගායකයෙක් වුන වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව. හැබැයි එ්ක නිර්මාණය කරලා තිබ්බේ වික්ටර් මහත්තයාට අපහාස වෙන විදියට. එ් මියුසික් වීඩියෝවේ වික්ටර් මහතාගේ චරිතය රඟපෑවේ විල්සන් කරූ. එ් නිසා තමයි ඔහුටත් මදි නොකියන්න බැනුම් අහන්න වුනේ.
කොහොම වුනත් සති අන්ත පුවත්පතකට විල්සන් කියලා තිබ්බේ එ් මියුසික් වීඩියෝවේ තියෙන්නේ වික්ටර් මහත්තයාගේ ජිවිත කතාව කියලා තමන් දැනගෙන හිටියේ නෑ කියලයි.
“එ් මියුසික් වීඩියෝ එක වික්ටර් මහත්තයාගේ ජීවිත කතාව කිව්වාමයි මාත් බැලුවේ. සොසේජස් දර්ශන, කෙහෙල් දර්ශන දැක්කේ එ් වෙලාවේ. එතුමාට අපහාස වෙන නිර්මාණයක් කියලා දන්නවා නම් මම එතැන හැමෝමටම ගහලා කැමරා අාම්පන්නත් කුඩු කරලා එන්නෙ.” කියලයි විල්සන් කරූ දැන් කියන්නේ එහෙම කතාවක්.
විල්සන් එ් ගැන ඉරාජ්ගෙන් අැහුවම ඔහු කියලා තියෙන්නේ “එ්ක වික්ටර්ට අපහාස කරන්න කරපු වීඩියෝ එකක් නෙවෙයි, බලන අය තමයි එහෙම බලන්නේ” කියලයි. එ් කොහොම වුනත් සිංහල සිනමාවට චන්ඩිකම් කරපු විල්සන් මියුසික් වීඩියෝ නිසා නොන්ඩි වුනා කියලයි හැමෝම කතා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post