News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

කාළගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

1417 Views


කාළගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ ද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද 04) සහ හෙට (05) වැඩි වෙන බවද කාලගුණ අංශ පවසනවා.

ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන බවද කාලගුණ අංශ ප්‍රකාශ කළා.

උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැකි බව සදහන්.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති වනවා.

එමෙන්ම පවතින වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 3 කට පනවා තිබූ නායයාමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට යළි නායයාමේ අවදානම පනවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post