News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

3 වෙනි තැන බෙල්ජියම දිනා ගනිද්දී එංගලන්තය හිස් අතින් ගෙදර යයි. – Photo / Video

558 Views


3 වෙනි තැන බෙල්ජියම දිනා ගනිද්දී එංගලන්තය හිස් අතින් ගෙදර යයි. – Photo / Video

FIFA ලෝක කුසලාන සිහිනය අහිමි වුන රටවල් 2 ක් ඊයේ ආයෙත් සටන් වැදුණා. ඒ තුන්වෙනි ස්ථානය හෝ දිනාගෙන මව් රටට යන්න. එංගලන්තය සහ බෙල්ජියම අතර තිබ්බ තරඟයෙන් ජය ලබා ගන්න බෙල්ජියම සමත් වුණා.

මෙවර ලෝක කුසලානය දිනා ගනිවී කියලා බොහෝදෙනා මත පළ කරපු එංගලන්තයට 3 වෙනි ස්ථානයත් අහිමි වුණා. තරඟය ආරම්භ වෙලා මිනිත්තු 4 ක් යද්දී පළවෙනි ගෝලය ලබා ගන්න බෙල්ජියම සමත් වුණා. නැවතත් දෙවෙනි අර්ධයේ 82 වෙනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ බෙල්ජියම ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

එංගලන්තයට එකම ගෝලයක් හෝ වාර්තා කරන්න බැරි වුණා. ලෝකයක් ඇසපිය නොහෙලා බලා සිටින තීරණාත්මක අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර.


News Articles
Latest Videos
Most Popular Post