News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

Facebook සමාගම කඩන් වැටේ. ඇමෙරිකාවේ තොරතුරු දුන්නට නිදහසට කරුණු අහන්න සකර්බර්ග් සෙනට් සභාවට කැඳවයි.

649 Views


Facebook සමාගම කඩන් වැටේ. ඇමෙරිකාවේ තොරතුරු දුන්නට නිදහසට කරුණු අහන්න සකර්බර්ග් සෙනට් සභාවට කැඳවයි.

පහුගිය කාලයේ Facebook ලංකාවේ තහනම් කරලා තිබ්බේ. හැබැයි Facebook බලධාරීන් ලංකාවට ඇවිත් සාකච්ඡා කරලා නැවතත් Facebook පහසුකම ලබා දුන්නා. කොහොම වුනත් Facebook සමාගමේ කොටස් වෙළඳපොළ මිල පහල වැටිලා තියෙනවා.

අවුරුදු 4 කට පස්සේ Facebook සමාගමේ දරුණුම කොටස් මිල පහත වැටීම මේක. මේ නිසා සකර්බර්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 විතර පාඩුවක් වෙලා තියෙනවා. මාර්ක් සකර්බර්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 69.5 දක්වා පහත වැටිලා කියලයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ.

මේ අස්සේ සකර්බර්ග්ට තවත් බාල්දියක් වැටිලා තියෙනවා. ඒ ඇමෙරිකානු මැතිවරණයේදී ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කළ “Cambridge Analytics” සමාගම හොරෙන් Facebook ගිණුම් මිලියන 50 ක තොරතුරු පරිශීලනය කරලා තියෙනවා. මේ නිසා ඇමෙරිකාවේ සෙනට් සභාව ඉදිරියේ සකර්බර්ග්ට හේතු දක්වන්න වෙයි කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන්ගේ ගිණුම් වල රහස්‍යභාවය ගැන ප්‍රශ්න කරලා දහස් ගණන් දුරකථන ඇමතුම්, email Facebook සමාගමට ගලාඅ එනවා. මේ නිසා Facebook සමාගම තවත් අර්බුදයකට ලක්වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post