News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

මරණ දණ්ඩනය දෙන්න පාකිස්ථානයෙන් කඹයක් ගෙන්වයි.

873 Views


මරණ දණ්ඩනය දෙන්න පාකිස්ථානයෙන් කඹයක් ගෙන්වයි.

මරණ දණ්ඩනයේදී එල්ලා මැරීම සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා කියා සිටියේ කෙසේවෙතත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා තවදුරටත් බන්ධනාගාර තුල පහසුකම් ගැටලූවක් පවතින බවයි. ඒ අනුව අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින බව ඔහු සදහන් කලා.

මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් මේ වන විට පවතින්නේ වැලිකඩ බන්ධනාගාරයේ පමණක් බවයි. එමෙන්ම මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කර ගැනීම සදහා අධිකරණ අමාත්‍යංශය සහ ඊට අදාල අනෙකුත් පාර්ශවයන් සමග සාකච්ඡුා ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කලා

මෙරට තුල අවසන් වරට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කෙරුණේ 1976 ජුනි මාසයේදීයි. මේ වන විට දිවයින පුරා බන්ධනාගාර තුල මරණ දඩුවම නියමව දඩුවම් ලබනමින් සිටින සිරකරුවන් සංඛයාව 374 ක්. තවත් සිරකරුවන් 874 ක් මරණීය දණ්ඩනය නියම වී අභියාචනා කර තීබෙනවා.

ඒ අනුව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින මුලූ සිරකරුවන් සංඛ්‍යාව 1248 ක්. මේ අතරින් වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූවන් 17 ක් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විදෙස් ජාතිකයන් 6 දෙනෙකුද සිටිනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පු`ථල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ව කටයුතු කරන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන යෙදීමට තමා තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ ප‍්‍රකාශ කලා


News Articles
Latest Videos
Most Popular Post