News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

හෙරොයින් පිළිබඳව නඩු සියයට 64 කින් වැඩි වෙයි

560 Views


හෙරොයින් පිළිබඳව නඩු සියයට 64 කින් වැඩි වෙයි

පසුගිය වසරට වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කළා.

එමෙන්ම ඒ සදහා අවශ්‍ය නීති රීති වෙනස් කර හෝ කටයුතු කළ යුතු අතර තරුණ වරදකරුවන් සදහා විශේෂිත වු කෙටි කාලීන පුහුණු වීම් ලබාදීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post