News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

කතරගම ඇසල පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි.

1917 Views


කතරගම ඇසල පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි.

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වනවා. අද රාති‍්‍ර 7 45 ට යෙදෙන සුබ නැකතින් සෙත් පිරිත් මධ්‍යයේ ආරම්ම්භ වන පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන්කොට පෞරාණික පුද සිරිත් ඉටු කිරීමෙන් පසු නැවත වීදි ඔස්සේම මහා දේවාලයට ගෙවැදීමට නියමිතයි.

අලි ඇතුන් උඩරට පහතරට සබරගමු නැටුම් හින්දු සංස්කෘතිාකාංග සහ ගිනිකෙළි ආදී විවිධාංග රැුසකින් මෙවර පෙරහර අලංකාරවත් වනවා.අද සිට දින 15 ක් පුරා පැවැත්වෙන පෙරහරේ මංගල්‍යයේ මහ පෙරහර ලබන 27 වනදා රාති‍්‍රයේ වීදි සංචාරය කරනු ඇති.

28 වනදා උදෑසන මැණික් ගගේ දිය කැපීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වනවා. පෙරහර නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා දහසකට අධික පොලිස් නිලධාරීන් ති‍්‍රවිධ හමුදා නිලාරීන් සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යොදවා ඇති බවයි පෙරහර සංවිධායක කමිටුව සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post