News Line| Off Air| Games
Generic placeholder image

May
20

ආසියාවේ කළු සිංහයා ලූෂන්, යුරෝපය ආක්‍රමණය කරයි.

868 Views


ආසියාවේ කළු සිංහයා ලූෂන්, යුරෝපය ආක්‍රමණය කරයි.

ආසියාවේ කළු සිංහයා කිව්වම දැන් මුළු ලෝකයම දන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. ලූෂන් ආයෙත් සැරයක් ලංකාවේ නම ලෝකයට ගෙනියන්න සමත් වෙලා තියෙනවා.

පහුගිය දා ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලිය ඔස්ට්‍රියවේදී පැවැත් වුණා. ඒ තරඟාවලියේදී දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. යුරෝපයේ කායවර්ධන ශූරයා ලෙස ලෝක ප්‍රකට කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් පරාජය කරන්නත් අපේ කළු සිංහයා සමත් වුණා.

ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ලංකාවේ කායවර්ධන ශූරයෙක් යුරෝපීය මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගත්තේ. මිට කලින් ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයෙක් පදක්කමක් දිනා ගන්නවා තියා යුරෝපයේ තරඟයකට සහභාගී වෙන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post