News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දියාවෙන් මඩ රැල්ලක්. අලුත්ම ගොදුර ලසිත් මාලිංග.

2453 Views


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දියාවෙන් මඩ රැල්ලක්. අලුත්ම ගොදුර ලසිත් මාලිංග.

ඉන්දියාවේ මේ දවස්වල වේගයෙන් ව්‍යාප්ත වෙන රැල්ලක් තමයි #MeToo කියන්නේ. තමන්ට ලිංගික අතවර කළ ජනප්‍රිය චරිත ගැන හෙළිකරන්න තමයි මේ #MeToo සමාජ මාධ්‍ය රැල්ල ඇති කරේ.

හැබැයි මේ වෙද්දී සමහර කාන්තාවන් ජනප්‍රිය වීම සඳහා මේ රැල්ල භාවිතා කරනවා කියලා විදෙස් මාධ්‍ය චෝදනා කරනවා. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයින්ට මඩ ගැසීම සඳහාත් දැන් #MeToo රැල්ල භාවිතා කරන්න පටන් අරන්. මේ #MeToo රැල්ල හරහා ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් මද ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්.

මුලින්ම මේ ප්‍රහාරයට අහු වුණේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග. ඉන්දීය ගුවන් සේවිකාවක් තමයි #MeToo එක යටතේ අර්ජුනට චෝදනා කරලා තිබ්බේ. දැන් අලුත්ම ගොදුර වෙලා තියෙන්නේ ලසිත් මාලිංග.

ඉන්දියානු ගායිකාවක් වන Chinmayi Sripaada තමයි #MeToo එක යටතේ ලසිත් මාලිංගට චෝදනා කරලා තියෙන්නේ. මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රහාර නිසා #MeToo රැල්ල දැඩි විවේචනයට ලක්වෙලා තියෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://twitter.com/Chinmayi/status/1050302690708750339


News Articles
Latest Videos
Most Popular Post